41 Quotes by Ama H.Vanniarachchy


  • Author Ama H.Vanniarachchy
  • Quote

    එය ගුවනින් යන ගමනකි. අඩි දහස් ගණනක් ඉහලින් වළාකුළු හරහා නිල් ගුවනේ සැරිසැරීමකි. හරියට යෝධ මකරෙක් වගේ... නිදැල්ලේ හා හුදෙකලාවේ නිල් ගුවන සිසාරා සීමා බැඳීම් නොමැතිව සිය යෝධ තටු ගසමින් පියාසලන තේජවන්ත මකරෙක් විලසට. අවශ්‍ය වූ විට ගිනි දැල්ලක් පිටකර කරණම් ගැසිය හැක. කුඩා රවිඳු තම මකර සිහිනය තුල අතරමන් වූවේය.

  • Tags
  • Share

  • Author Ama H.Vanniarachchy
  • Quote

    එහෙත් මේ කිසිවක් නොදත් , සෑහෙන කාලයක් රවිඳු හා ඇලඩින් සමඟ මේ කාමරයේ රහසේ දිවි ගෙවූ අසරණ සත්ත්වයා හුදෙකලාව මහා සයුර මතින් තමාගේ මවු රට බලා පියාසලනවා ඇත. විඩාබර වූ කල්හි, කුසගිනි දැනුණ විටදී තවත් රටක, කඳු මුදුනක ලැගුම් ගැනීමට පැංචාට සිදු වනවා ඇත. නැවත නැවතත් බොහෝ කාලයක් තිස්සේ මේ ගමන යාමට පැංචාට සිදු වේ. මවගේත් ස්වකීය වර්ගයාගේත් උණුසුම සොයා ඒ ගමන ධෛර්යවන්තව යා යුතුමය.

  • Tags
  • Share

  • Author Ama H.Vanniarachchy
  • Quote

    මල්ලි මෙයා උරගයෙක්.""එත් මේ තටු... කුරුළු වර්ගයක් නෙවෙයිද?""තටු තිබුනට පිහාටු නෑ. ඒ කියන්නේ උරග වර්ගයක් වෙන්න ඕනේ. අනික බලන්න වල්ගය.""ඩයනොසර් වර්ගයක්.""නෑ, ඩයනොසරයන් වඳ වෙලා ගිහින්."" එහෙනම් මකර පැටියෙක්? ""වෙන්න බෑනේ...

  • Tags
  • Share


  • Author Ama H.Vanniarachchy
  • Quote

    Have we ever wondered a mothers silent cries? Her struggles, her fears and her worries? Do we ever have time for this in our busy lives? Have we ever thought of the sacrifices she has done in order to make our lives happier, and her dreams cut short to make our dreams come true?

  • Tags
  • Share

  • Author Ama H.Vanniarachchy
  • Quote

    මෙතෙක් කාමරේ සැපට හිටපු මම ටිකෙන් ටික මිදුලට වුණා. මිදුල වුනත් මට සැපයි දැන් ගෙවන ජිවිතේ බැලුවම. මිදුලට දැම්මම මම දොර පහුරු ගාන්න පටන් ගත්තා. ලස්සන දොර සිරීලා අවලක්ෂණ වුණා. නෝනා හා මහත්මයා මා සමඟ තවත් අමනාප වුණා.

  • Tags
  • Share